
එළවළු පලතුරු අපනයනයේ දී ඇති වන නිරෝධායන ගැටළු අවම කිරීමට උපකාරී වන දැනුම හා උපකරණ ශ්‍රී ලංකාවට ලබා දීමේ අරමුණින් ජපාන දූත පිරිසක් මෙරට පැමිණෙති.
ජපානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝදා කියෝෂිගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම 06 වැනි දා රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොල වෙත ළඟා වූ බව අප ගුවන්තොටුපොල වාර්තාකරු කියයි.
නිරෝධායන අර්බුද හේතුවෙන් සීමා වී ඇති මෙරට එළවළු හා පලතුරු වර්ග ජපානයට අපනයනයට අවශ්‍ය උපකරණ සැපයීම මෙන් ම පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ තෝක්යෝ කෘෂිකර්ම විශ්වවිද්‍යාලය ඒකාබද්ධ කිරීමේ වැඩසටහනක් පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට ද ඔවුන් අපේක්ෂිත බව වාර්තා වේ.
උතුරේ පලතුරු වගා බිම් ඇති කිරීම සඳහා ආධාර,දැනුම හා උපකරණ ලබාදීම ද ජපාන දූත පිරිසේ මෙම සංචාරයේ අරමුණක් වී ඇත.